කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තේරීම් කාරක සභාව විසින් නම් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (28) නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2023 නොවැම්බර් 17 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව,මෙම පත්කිරීම් කර ඇත. ඒ අනුව ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පලනි දිගම්බරම්, සිවඥානම් ශ්‍රීතරන්, වරුණ ලියනගේ, සම්පත් අතුකෝරල, තිස්සකුට්ටි ආරච්චි, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් තිලීපන්, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රීවරුන් උක්ත කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කොට ඇත.
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මන්ත්‍රීවරුන් පත්කර තිබෙනවා
by mahesh
November 29, 2023 1:00 am
0 comment
314