Saturday, April 19, 2025
Home » දකුණු අප්‍රිකාවේ පතලක් කඩා වැටී 11ක් මරුට

දකුණු අප්‍රිකාවේ පතලක් කඩා වැටී 11ක් මරුට

75කට තුවාල

by mahesh
November 29, 2023 1:00 am 0 comment

දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් පතලක් හදිසියේම කඩා වැටීමෙන් එහි ඇතුළත සිටි සේවකයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, තවත් සේවකයන් 75 දෙනකු තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අනතුර සිදු වී ඇත්තේ එරට ජොහැනස්බර්ග් අගනුවර සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි රස්ටන්බර්ග් පළාතේ ඉම්පාලා ප්ලැටිනම් නමැති සමාගමකට අයත් පතලකදීය. අනතුර පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවත්, මේ වන විට එම සමාගම සතු සියලු පතල්වල වැඩ කටයුතු අත්හිටුවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT