Home » ප්‍රභාකරන්ගේ උපන්දිනයට කේක් හැදූ බේකරිකරු අත්අඩංගුවට

ප්‍රභාකරන්ගේ උපන්දිනයට කේක් හැදූ බේකරිකරු අත්අඩංගුවට

by yasara
November 29, 2023 1:05 pm 0 comment

කොක්කඩිචෝලය, මාවඩිමුම්මාරි හී පිහිටි සුසාන භූමියක් අසල  කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරමින් කේක් නිර්මාණය කළ පුද්ගලයෙකු ඊයේ කොක්කඩිචෝලය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා මෙම කේක් නිර්මාණයේ  අකුරු සිත්තම් කළ පුද්ගලයා බව පොලිසිය පවසයි.

කොක්කඩිචෝලය, මුනෙක්කාඩු බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 35 හැවිරිදි අයෙකුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පළතුරු සහ බේකරි ආහාර අලෙවි ස්ථානයක සේවකයෙක්  බව පොලීසිය සඳහන් කළේය.

මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව බව පොලීසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT