Home » අයහපත් කාලගුණයෙන් ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට බාධා

අයහපත් කාලගුණයෙන් ප්‍රධාන මාර්ගයක ගමනාගමනයට බාධා

by yasara
November 28, 2023 3:49 pm 0 comment

නාවලපිටිය පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සහ විශාල ගල් පෙරලිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය (28) දින දහවල් සිට ඇණ හිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

එම මාර්ගයේ හරංගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සහ විශාල ගල් පෙරලි ඇති බවත්,පසුගිය දිනවල එම ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම මාර්ගයට පස් කන්ද සහ ගල් පෙරලි ඇති බවයි පොලිසිය කියා සිටියේ.

මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ,ගල් සහ ගස් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති අතර ,මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරන වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT