Home » නිදහස් ලැබූ කුඩාම ප්‍රාණ ඇපකාරිණිය

නිදහස් ලැබූ කුඩාම ප්‍රාණ ඇපකාරිණිය

by chanaka
November 27, 2023 10:24 am 0 comment

හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව හමාස් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ(26) මුදා හැර තිබේ.

ඉරිදා කණ්ඩායම විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර මේ කුඩා අවිගේල් ඉඩන් දැරිය ද විය.

හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කරන ලද ඇගේ නිවසින් මේ කුඩා දැරියව ප්‍රාණ ඇපයට ගන්නා විට අවිගේල් ට වයස අවුරුදු තුනකි.

හමාස් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඇයට වයස අවුරුදු හතරක් සම්පූර්ණ විය.

අවිගේල්ගේ පවුලේ අය පැවසුවේ: “අපි බලාපොරොත්තු වුණා සහ යාච්ඤා කළා අද එයි කියලා.”

අවිගේල්ගේ ලොකු නැන්දා සහ ඇගේ ඥාති සොහොයුරියක් කියා සිටියේ “අවිගේල් ආරක්ෂිතව නිවසට පැමිණීම අපිට සහනයක්. කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන නැහැ“ යනුවෙනුයි.

ඔවුන් අවිගේල් නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, කටාර් රජය සහ අනෙකුත් අයට ස්තූතිය පළ කළ අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ජනාධිපති බයිඩන් පවසා තිබුනේ අවිගේල් “දරුණු කම්පනයකට” මුහුණ දී ඇති බවත්, ඇය “විඳදරාගත් දේ සිතාගත නොහැකි” බවත් ය.

අවිගේල් ඔක්තෝබර් 7වැනිදා ඇගේ පවුලේ අය සමඟ සිටින විට හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලදී ඇගේ දෙමාපියන් මිය ගියේය. ඇගේ සහෝදර සහෝදරියන් දෙදෙනා සැඟවී සිටි අතර පසුව ඔවුන්ව බේරාගෙන ඇත. අවිගේල්ගේ පියාට සටන්කාමීන් වෙඩි තබන විට කුඩා අවිගේල්ව පියා අල්ලාගෙන සිට ඇත.

ඇය දිවි ගලවා ගෙන ඇගේ අසල්වැසි නිවසකට ඇවිද යන විට හමාස් විසින් ඇයව පැහැරගෙන ගොස් තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT