Home » ගාසා සටන් විරාමය අදින් අවසන් – තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස්

ගාසා සටන් විරාමය අදින් අවසන් – තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් නිදහස්

by chanaka
November 27, 2023 8:48 am 0 comment

ගාසා තීරයේ ක්‍රියාත්මක දින 04ක සටන් විරාම කාල සීමාව අදින්(27) අවසන් වීමට නියමිතය. පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම කාලසීමය යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවන් පැවැත්වෙමින් පවතී.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හමාස් සටන්කාමීන් සමඟ තාවකාලික සටන් විරාමය දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩල ය ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් පවත්වා ඇති බවය.

මේ අතර හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 14 දෙනෙකු සහ විදේශීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු 17දෙනෙකු නිදහස් කර තිබේ.

එලෙස නිදහස් කළ අය අතර ඊශ්‍රායල ජාතිකයින් 13ක්, තායි ජාතිකයින් 03ක් සහ රුසියානු ජාතිකයෙක් වන බව ඊශ්‍රායල බලධාරීන් පැවසීය.

නිදහස් කළ අය අතර සිව් හැවිරිදි අවිගේල් ඉඩාන් කුඩා දැරිය ද වේ.

ඒ වෙනුවට ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 39 දෙනෙකු නිදහස් කර ඇති බව එහි බන්ධනාගාර සේවය සදහන් කර ඇත.

මේ අතර හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සමඟ දැනට පවතින දින 4ක සටන් විරාමය දීර්ඝ කර නිදහස් කර ඇති ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව වැඩි කිරීමට උත්සාහ කරන බවයි.

දැඩි ලෙස අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ඖෂධ ලබා ගැනීම සඳහා ගාසා වැසියන් සටන් විරාමය භාවිතා කර ඇතැයි වාර්තා වේ.

ගාසා හි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT