Home » නාඳුනන පිරිමි මළ සිරුරක් දුම්රිය මාර්ගයකින් හමුවෙයි

නාඳුනන පිරිමි මළ සිරුරක් දුම්රිය මාර්ගයකින් හමුවෙයි

by yasara
November 27, 2023 8:54 am 0 comment

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි

මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 – 30ත් අතර උස අඩි 5ක පමණ පුද්ගලයෙකු වන අතර නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා නිල්පාට අත්දිග ටීෂර්ට් එකක් හැඳ සිටි බව පොලීසිය සඳහන් කරයි.

මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

මෘත ශරීරිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මෙම මරණය දුම්රියේ ගැටී මියයෑමක් ද සියදිවි නසා ගැනීමක්ද නොඑසේ නම් වෙනත් අපරාධයක් යන්න සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT