395
දිවයිනට ගිනිකොන දිසාවේ බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ අන්දමන් දූපත් ආසන්නයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි
මෙම කැළඹෙන ස්වභාවය අඩු පීඩන කලාපයක් බවට ඉදිරි දින කීපයේදී වර්ධනය වන බවට සිතිය හැකියි.
මෙය බොහෝවිට වයඹට බරව උතුරු දිසාවට ගමන් කරයි
මේ පද්ධතිය හේතුකොටගෙන දැනට සවස් කාලයේ තිබෙන වර්ෂාව උදය කාලයේ දීත් ඇතිවීමට හැකියි
උදේ කාලයේ වර්ෂාව උතුරු උතුරු මැද නැගෙනහිර වැනි පළාත්වල තැනින් තැන වැසි ඇතිවේ