මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ ” කිතුල-2023″ කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රදර්ශනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී නොවැම්බර් මස 24 සහ 25 යන දෙදින පැවැත්විය.
එහි සමාරම්භක අවස්ථාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් (24) පැවැත්විය.
කිතුලේ රසය හා ගුණය මෙන්ම එහි ඖශධිය වටිනාකම පිලිබදවත් ඒවා නිවැරදිව පරිහරණය පිලිබදවත් විද්වත් දේශනයක් මධ්‍යම පළාත් ආයුර්වේද කොමසාරිස් ජේ. හේරත් මහතා විසින් සිදු කරන ලදි.
කිතුල් ආශ්‍රිත නව නිෂ්පාදන, ආහාර පාන, විවිධ නිර්මාණ ඇතුලු අංශ ගණනාවක නිෂ්පාදන ප්‍රදර්ශන සහ අලෙවිසැල් ඇතුලත්ව සංවිධානය කර ඇති මෙම වැඩසටහන සදහා පාසල් දරු දැරියන් ද කිතුල් ආශ්‍රිත ආහාර පාන සහ නිෂ්පාදන ඉදිරිපත් කර තිබීම සුවිශේෂි විය. සමාරම්භක අවස්ථාවේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, සාම්ප්‍රදායික කර්මාන්තයක් වූවත් නව තාක්ෂණය මුසු කර ගනිමින් අද ලොවට ගැලපෙන සේ නව නිෂ්පාදන සිදුකිරීම කාලීනව ඉතා වැදගත් වන බවයි.
පසුගිය වසරට වඩා කිතුල ප්‍රදර්ශනය හා කිතුල් ආශ්‍රිත වෙළද ප්‍රජාව උසස් තැනකට පැමිණ ඇති බව දක්නට ලැබෙන බවත්, කිතුල් ශාඛාව ආශ්‍රිතව නිපදවනු ලැබු ආහාර පාන ඈත අතීතයේ ශ්‍රී ලාංකීකයින්ගේ ජවය ඉහල නංවමින් ශක්තිමත් ජාතියක් ලෙස නැගී සිටීමට උපකාර වූ බවත්, දේශීය ආහාර වල ඇති සුවිශේෂීත්වය සම්බන්ධයෙන් වර්තමාන පරපුර දැනුවත් කරමින් සිදුකරනු ලබන මෙම වැඩසටහන ඉතා වැදගත් වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.
මෙහිදී මෙම වැඩසටහන සදහා දායකත්වය දැක් වූ පාර්ශවයන් සහ පාසල් දරු දැරියන් අගය කිරීමක් ද සිදු වු අතර, මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, පළාත් මාර්ග අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.