Home » මාෂ් පිය-පුතු යුගලයෙන් ලෝක කුසලාන අසමසම වාර්තාවක්

මාෂ් පිය-පුතු යුගලයෙන් ලෝක කුසලාන අසමසම වාර්තාවක්

by mahesh
November 24, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

එක්දින ලෝක කුසලානයක් දිනා ගත් ලොව පළමු හා එකම පිය-පුතු යුගලය ලෙස ජෙෆ් මාෂ් සහ මිචෙල් මාෂ් වාර්තා පොතට එක් වෙති. පසුගියදා ඉන්දියාවේ අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු පිල එක්දින ලෝක කුසලානය ජයගැනීමත් සමඟ මේ වාර්තාව බිහි විය.

ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු මිචෙල් මාෂ්ගේ පියා වන ජෙෆ් මාෂ් 1987දී ඉන්දියාවේ කල්කටා නුවර ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී එංගලන්ත පිල ලකුණු 7කින් පරාජය කරමින් පළමු වරට ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළේය.

මාෂ් පිය-පුතු යුගලයේ කැපී පෙනෙන විශේෂත්වය වන්නේ දෙදෙනාම ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය දිනූ තරගාවලියේදී ශතක 2 බැගින් වාර්තා කිරීම සහ සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ පිතිකරුවන් බවට පත්වීමය. 1987 තරගාවලියේදී ජෙෆ් මාෂ් ලකුණු 428ක් රැස් කළ අතර, මෙවර තරගාවලියේදී මිචෙල් මාෂ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 441කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT