Sunday, April 20, 2025
Home » මව රෝහලට රැගෙන ආ පුතා රෝහල් වටරවුමේ ගැටී අනතුරක: මවත් පුතාත් රෝහලේ

මව රෝහලට රැගෙන ආ පුතා රෝහල් වටරවුමේ ගැටී අනතුරක: මවත් පුතාත් රෝහලේ

by gayan
November 24, 2023 1:00 am 0 comment

අනුරාධපුර අතිරේක - අමිල ප්‍රභාත් වනසිංහ

අනුරාධපුර ජෝසප් මහා විද්‍යාලය දෙස සිට පෙරේදා (23) රාත්‍රි පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රෝහල් වටරවුම මතට වැටී අනතුරට ලක්ව තිබේ.

තම මවට ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් දෙදෙනාටම සුළු තුවාල සිදු වී රෝහල් ගත කර තිබේ. මෝටර් රථයට සහ රෝහල් වටරවුමට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ සංචාරකයන් බහුලව ගැවසෙන මෙන්ම රෝගීන් පැමිණෙන ප්‍රධාන ස්ථානයක් වන මෙම රෝහල් වටරවුම වටා ඇති වීදි ලාම්පු අක්‍රියව පැවතීම නිසා මෙම ස්ථානයේ අනතුරු කිහිපයක් සිදු වූ බවත් ඉක්මනින් මෙම ස්ථානයට වීදි ලාම්පු සවිකර දෙන ලෙසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT