Saturday, April 19, 2025
Home » කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීවීල් එකෙන් කසිප්පු ඇදලා

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීවීල් එකෙන් කසිප්පු ඇදලා

by mahesh
November 24, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් නීති විරෝධී මත්පැන් බෙදා හරිමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ අලුත්ගම කාලවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. බොන්දුපිටිය ප්‍රදේශයේ සිට බේරුවල දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කීය. රථය තුළ පොලිතින් උරවල දමා තිබූ නීති විරෝධී මත්පැන් ලීටර් හතළිහකට ආසන්න ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රමේෂ් කුමාර රත්නසිංහම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි රථ වාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයන්ත, සැරයන්වරුන් වන (38974) හර්ෂණ, (61917) නුවන්, (44914) රසාංග, (72804) ප්‍රියාන් සහ (89334) නිසංසලා වැටලීමට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT