317
දොම්පෙ අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රධාන පාසලක් වන කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහා විද්‍යාලයේ ඉපැරණි ගොඩනැඟිල්ලක වහලය දිරාපත් වී අබලන් තත්ත්වයට පත්ව ඇත.
උළු කැට දිරාපත්ව ගොස් ඇති අතර වහලයේ කොටසක් ඉටිරෙදිවලින් වසා පංති පවත්වාගෙන යයි.
මෙම ගොඩනැඟිල්ලේ පළමුවැනි ශ්‍රේණියේ පංති 03ක් පවත්වාගන යයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ද දැනුවත් කර ඇති අතර මෙතෙක් පිළිතුරක් නොමැති බැවින් දරුවන්, දෙමාපියන්, ගුරුවරුන් පත්ව සිටින්නේ ඉතාම අසීරු තත්වයකටය.