345
නල්ලතන්නිය නගරයේ දිවා කාලයේ වල් ඌරන් රංචු පිටින් ගැවසීම නිසා පාසල් ළමයින් හා නඟරාසීන් දැඩි බියකින් පසුවෙති.
මෙම වල් ඌරන් අතර විශාල දළ ඌරන් ද සිටින බව පවසන නගරවාසීන්, රංචු වශයෙන් ආහාර සොයා දිවා කාලයේ නගරයේ සැරිසැරන වල් ඌරන් නිවෙස් කරා පැමිණෙන බවත් පවසා සිටිති.
උදෑසන පාසල් ළමයින් ගමන් කරන මාර්ගවල රංචු වශයෙන් ගැවසෙන මෙම වල්ඌරන් නිසා තම ළමයින් බියෙන් පසුවන බවත්, බියවන ඇතැම් ළමයින් පාසල් නොයා නැවැත නිවෙස් කරා පැමිණෙන බවත් පවසා සිටිති.