Home » ඔඩ්ඩුසුඩාන් කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක පැටලී දළ ඇතෙක් මරුට

ඔඩ්ඩුසුඩාන් කුඹුරක ඇද තිබූ විදුලි රැහැනක පැටලී දළ ඇතෙක් මරුට

by mahesh
November 24, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරියසාලම්බන් ප්‍රදේශයේ කුඹුරක ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් විශාල දළ ඇතෙකු පෙරේදා (22) රාත්‍රි මියගොස් ඇත.

ගම්වාසීන් පිරිසක් රාත්‍රි පැල් රැක නිවෙස්වලට පැමිණෙමින් සිටියදී මියගොස් සිටින දළ ඇතා දැක ඇති අතර ඔවුන් ඒ පිළිබඳව ඔඩ්ඩුසුඩාන් පොලිසියට තොරතුරු දැනුම් දී තිබේ.

පොලිසිය වනජීවී නිලධාරීන්ට මේ බව දැනුම් දී ඇති අතර, නිලධාරීන් පිරිසක් එහි ගොස් මූලික පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

එම නිලධාරීන් දළ ඇතා වැටී සිටි කුඹුරේ අයිතිකරුගෙන් මේ ගැන තොරතුරු විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ දළ ඇතා තම කුඹුරේ ඇද වැටී මියගොස් ඇති නමුත් තමන්ගේ කුඹුරට විදුලි රැහැන් කිසිවක් ඇද නොමැති බවයි.

වන ජීවී නිලධාරීන් ඔඩ්ඩුසුඩාන් පොලිසියේ ද සහාය ඇතිව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතර මියගිය දළ ඇතා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම දළ ඇතා වයස අවුරුදු 15ක පමණ දළ ඇතෙකු බවත්, එම ඇතා ගම්වාසීන් අවස්ථා ගණනාවකදීම දැක ඇති බවත් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT