2023 අය වැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කෙළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ස්ථාවර නියෝග (27/2) යටතේ මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
ඒවා අතර මධ්‍ය කාලීන සහ දිගු කාලීන වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යෝජනා පවතිනවා. ඇතැම් යෝජනා වසර ගණනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. 2023 වසර සඳහා ඉදිරිපත් වූ අය වැය යෝජනා සංඛ්‍යාව 120ක් වන අතර ඒ අතර ආදායම් යෝජනා 29ක්, වියදම් යෝජනා 30ක් සහ ප්‍රතිපත්තිමය යෝජනා 61ක් වූ අතර ඉන් ආදායම් යෝජනා 24ක් සහ ප්‍රතිපත්ති යෝජනා 17මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. දැනට ආරම්භ කළ ක්‍රියාත්මක යෝජනා සංඛ්‍යාව 62ක් වන අතර ඊට ආදායම් යෝජනා 5ක්, වියදම් යෝජනා 27ක් සහ ප්‍රතිපත්ති යෝජනා 30ක් ඇතුළත්. ඒ අනුව සමස්ත අය වැය යෝජනා අතරින් 86% අවසන් කර හෝ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ අතර අය වැය යෝජනා 17ක් මෙතෙක් ක්‍රියාත්මක නොමැති අතර ඊට අදාළ අමාත්‍යාංශවලින් ඊට හේතු විමසීමට කටයුතු කරන බව ද හෙතෙම පැවැසීය. තාක්ෂණික ඌණතා, මානව සම්පත් ඌණතා සේම නෛතිකමය ගැටලු ද ඒවා හේතු විය හැකියි.