Sunday, April 20, 2025
Home » රටක ඒකීයභාවය ආරක්ෂා වීමට නම් නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි

රටක ඒකීයභාවය ආරක්ෂා වීමට නම් නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි

by mahesh
November 24, 2023 1:00 am 0 comment

රටක ඒකීයභාවය ආරක්ෂා වීමට නම් නීතියේ ආධිපත්‍යය තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ අය වැය තෙවැනිවර කියැවීමේ විවාදයට එක් වෙමිනි.

තවදුරටත් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

එමෙන්ම කවර තත්ත්වයක් යටතේ වුවද ජාතික ආරක්ෂාව අතිශය වැදගත්. රටකට ආරක්ෂාව අවශ්‍යයි. ඒ වගේම රටක ඒකීයභාවයත් අවශ්‍යයි. විශේෂයෙන්ම රටේ ඒකීයභාවය තියෙන්න නම් නීතියේ ආධිපත්‍ය තියෙන්න ඕනෑ. අපේ රට දූපත් රාජ්‍යයක්.

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් සම්බන්ධව කතා කළා. ආණ්ඩුවක ප්‍රතිපත්ති සම්බන්ධව උසාවියේ ප්‍රශ්න කරන්නේ කොහොමද? පෙත්සම්කරුවන්ට මොකක්ද තියෙන අයිති කියලා. ඒක හරි විහිළු කතාවක්. සතියකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. සමස්තයම සලකා බැලූ තීන්දුවක්. ඒක ඉතා වැදගත් තීන්දුවක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාපිත කලාට පස්සේ හොඳම තීන්දුවක් හැටියට මම එය දකිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා එම තීන්දුවේ බදු කපා දැමීම තුළින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනගෙන හිටියා රාජ්‍ය ආදායම අඩුවෙන බව.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT