කොළඹ ජාතික රෝහලේ පැරණි බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයේ අලුත්වැඩියාවක් සඳහා ගලවා තිබුණු රුපියල් ලක්ෂ 04කට අධික වටිනාකමක් ඇති ඇලුමිනියම් දොරවල් 07ක් සොරා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මරදාන පොලිසිය ඊට සම්බන්ධ සැකකරුවෝ දෙදෙනෙක් පෙරේදා (22) අත්අඩංගුවට ගනු ලැබූහ. කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් මෙම සොරකම සම්බන්ධයෙන් පැමිණිල්ල කළ බව මරදාන පොලිසිය කියයි. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා බදුල්ලේ පදිංචිකරුවන්ය. කම්කරුවන් ලෙස සේවයේ නිරතව සිටින ඔවුන් අවුරුදු 31 හා 27 යන වයස්වල පසු වන බව පොලිසිය කියයි. සැකකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික රෝහලේ ඇලුමිනියම් දොරවල් සොරකමේ සැකකරුවෝ දැලේ
by mahesh
November 24, 2023 1:00 am
0 comment
ගයාන් කුමාර වීරසිංහ
160
මීලඟ පුවත