පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර දඬුවම් ලබා දීමට කිසියම් අවස්ථාවක් මට හිමි වුවහොත් මේ රටේ ජනතාවට සාධාරණයක් ඉටුවන බව සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.
අය වැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ දෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද පැවැසුවේය.
පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් වූවන්ට මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බවත් මෙරට කතෝලික ප්‍රජාවට හා සාමයට ලැදි පිරිසට එය අගතියක්.
යුද ජයග්‍රහණයෙන් පසුව රටේ ආරක්ෂාව අඩු වුණා. පාස්කු ප්‍රහාරය වැනි දේවල් සිදු වුණා. යුද්ධය අවසන් වූවාට පසුව යුද ජයග්‍රහණය සැමරුවා මිස සෙබළුන්ගේ සුබසාධන කටයුතු සොයා බැලුවේ නැහැ. යුද්ධ ටැංකි දැනට තිබෙන ඒවා 1950 ගණන්වල ඒවා. නවීන යුද ටැංකි අවශ්‍යතාව තිබෙනවා. යුද්ධයක් ආවාට පසුව මේ උපකරණ ගත නොහැකියි.