ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක හා විමර්ශන අධීක්ෂණ නිලධාරී ලෙස ඒ.එම්.ඒ.එල්. අබේකෝන් මහතා පත්කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ඊයේ (23) පෙරවරුවේ ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ආරක්ෂක හා විමර්ශන කටයුතු කාර්යක්ෂමව හා එලදායි අයුරින් ක්‍රියාත්මක කිරීම මෙම නව පත් කිරීමෙන් බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංගම බස් රථවලට පෞද්ගලික බස් රථ වලින් එල්ල වන තර්ජන හා මැර ප්‍රහාර සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු කිරීම, ශ්‍රී ලංගම තුළ සිදුවන දූෂණ අක්‍රමිකතා හා වංචා පිළිබඳව අධීක්ෂණය සිදුකර පිළියම් යෙදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංගම පාලනාධිකාරියට උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීම, ශ්‍රී ලංගම විනය ව්‍යවස්ථාවට අනුව විනය ක්‍රියාමාර්ග සිදුකිරීම මෙන්ම අධිකරණමය හෝ පොලිස් විමර්ශන කටයුතුවලට අවශ්‍ය උපදෙස් ලබා දීම හා සහාය වීම ඒ මහතාට පැවරී ඇති රාජකාරි වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස් මහතා එක්විය.