Home » දෙයියන්දරදී පැනපු සිරකරු ගහක් උඩ සිටියදී අල්ලාගනී

දෙයියන්දරදී පැනපු සිරකරු ගහක් උඩ සිටියදී අල්ලාගනී

by mahesh
November 24, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මංකොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධව මාතර බන්ධනාගාරයේ වසර 04ක සිරදඬුවමක් විඳින සිරකරුවකු තවත් නඩුවකට දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සිරමැදිරියට දැමීමෙන් පසු පලා ගොස් සැඟව සිටියදී පැය පහක මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණය ආසන්න ප්‍ර‍ෙද්ශයේ ගසක් උඩ සැඟව සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් මේ සිරකරු අල්ලා ගනු ලැබීය.

මෙම සිරකරුවාට විරුද්ධව පැවැති නඩුව අවසන්වී දහවල් 12.15ට පමණ ඔහුව බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ අධිකරණ භූමියේ වූ සිරමැදිරියට දමා ඇති අතර එකවරම එම සිරමැදිරියේ දොර තල්ලුකර බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් හා දෙයියන්දර පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT