Home » ජංගම ඉතිහාස කෞතුකාගාරය කුරුණෑගලට එයි

ජංගම ඉතිහාස කෞතුකාගාරය කුරුණෑගලට එයි

by mahesh
November 24, 2023 1:00 am 0 comment

ඉතිහාසය ඉගෙන ගැනීමට සහ වැරැදුණු තැන් හඳුනා ගැනීමට මේ වැඩසටහන දරුවන්ට අගෙයි
– වයඹ පළාත් ආණ්ඩුකාර

‘කාලය ඇවිත්- අතීතයට සංචාරයක්’ ජංගම ඉතිහාස කෞතුකාගාරය පසුගියදා (08) කුරුණෑගල නගරයට පැමිණියේය. එහිදී ප්‍රදේශවාසීන්ට රටේ සාරවත් සහ විවිධත්වයෙන් පොහොසත් අතීතය ගැන සතියක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසිනි.

මේ ජංගම කෞතුකාගාරය නොවැම්බර් 08 වැනිදා සිට 14 වැනිදා දක්වා කුරුණෑගල නගර ශාලාවේ දී මහජනතාවට විවෘත වූයේ ‘Search for Common Ground Srilanka’ රාජ්‍ය නොවන සංවිධානයේ සහ ‘Collective for Historical Dialogue and Memory’ ස්වාධීන විශේෂඥ ආයතනයේ සහයෝගිතාව සමඟයි.

මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ සමාජ ඒකාබද්ධතා සහ සාමය ශක්තිමත් කිරීමේ වැඩසටහනේ [Strengthening Social Cohesion and Peace in Sri Lanka සහයෝගය මෙන්ම යුරෝපා සංගමයේ සහ ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලයේ සම මූල්‍ය අනුග්‍රහය ලැබෙන අතර, GIZ ආයතනය මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනී.

ජංගම කෞතුකාගාරයේ දීප ව්‍යාප්ත සංචාරය වසර කීපයකට පෙර ආරම්භ කළ අතර වසංගත තත්ත්වය නිසා 2020 වසරේ දී එය අතරමඟ නවතා දමන්නට සිදුවිය. 2020 වසරෙන් පසු නැවත සංචාරය ආරම්භ කරමින් මෙවර පැමිණියේ කුරුණෑගල නගරයටයි.

කුරුණෑගලට පැමිණීමට පෙර මේ ජංගම කෞතුකාගාරය රට පුරා ස්ථාන 06කදී සාර්ථකව සම්පූර්ණ ප්‍රදර්ශන පවත්වා තිබුණි.

කලාකරුවන්, ඉතිහාසඥයන් හා පර්යේෂකයන් විසින් මෙහෙයවන ප්‍රදර්ශනය හරහා ශ්‍රී ලංකාවේ නිදහසට පසු ඉතිහාසය ජීවමාන කෙරෙන අතර, ඒ ඔස්සේ ඉතිහාස පොත්වලින් ලබා ගන්නා අත්දැකීමට වඩා වැඩි අධ්‍යාපනික සහ අන්තර් ක්‍රියාකාරී අත්දැකීමක් මහජනතාවට ලබා ගත හැකියි.

සතියක කාලයක් තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තරුණ පාසල් සිසුන්, ගුරුවරුන්, පර්යේෂකයන්, කලාකරුවන්, තරුණ සංවිධාන, ආගමික නායකයන් විශාල පිරිසක් කෞතුකාගාරය නැරඹීමට සහභාගි වූහ.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ

ඉතිහාස සිද්ධීන් ඉගෙන ගැනීමට සහ වැරැදුණු තැන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙන බැවින් මේ වැඩසටහන ළමයින්ට වඩාත් වැදගත් බව තමා විශ්වාස කරන බවයි.

සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට, ඔවුන්ගේ අයිතිවාසිකම් අවබෝධ කර ගැනීමට සහ විවිධත්වය අගය කිරීම වර්ධනය කරගැනීමට දරුවන්ට අවස්ථාව ලබා දීමේ ප්‍රතිඵලයක් ලෙස, අප සමාජය බෙදීමට හේතු වූ කරුණු ගැන ප්‍රජාව තුළ සංවාදයක් ආරම්භ වනු ඇති බවත් ඒ මහතා පැවසීය. එවැනි සංවාදයක් ආරම්භයට සහ ඊට අවශ්‍ය සහාය ලබා දීමට මේ කෞතුකාගාරය විශිෂ්ට මුලපිරීමක් වන බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් ආර්.පී. එස්. සමන්කුමාරි මහත්මිය පැවසුවේ වර්තමානයේ මතු වී තිබෙන බොහෝ බාධා නිසා විදේශ ආයතනවලින් ලැබෙන අරමුදල් ඔස්සේ ප්‍රතිසන්ධානය සඳහා වන උත්සාහයන්ට අමාත්‍යාංශය අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි.

සිවිල් යුද්ධයට අමතරව අභ්‍යන්තර ගැටුම් ගණනාවක අත්දැකීම් සහිත ජාතියකට පශ්චාත් ගැටුම් යුගයේ අතීතය පිළිබිඹු කිරීමට සහ එම කනගාටුදායක සිදුවීම්වලට අදාළ හේතු අවබෝධ කරගැනීමට මේ කෞතුකාගාරය සහාය ලබාදෙන බවත් පැවසුවාය.

It’s About Time traveling ඉතිහාස කෞතුකාගාරයෙන් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් කළ අන්තර් ක්ෂේත්‍ර අධ්‍යයනවලින් සකස් කළ විශේෂාංග භාවිතා කරමින් ආකර්ෂණීය තොරතුරු සහිත අත්දැකීමක් ලබාදෙයි. එහිදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටය මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර, තරුණයන් මත සමාජ පීඩනය ගවේෂණය කිරීමට කෙටි නාට්‍ය හතරක් ‘කෙටි නාට්‍ය ගොමුව’ ලෙස ඉදිරිපත් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT