Home » ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්

ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත්

by chanaka
November 23, 2023 1:43 pm 0 comment

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් ලබා දුන් සහයෝගය ඉදිරියටත් ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන මගින් මෙතෙක් ලබා දුන් සහයෝගය ඉදිරියටත් අඛණ්ඩවම ලබා දෙන බව එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිත Mark Andre Franche මහතා ප්‍රකාශ කළේය.

අද (23) පෙරවරුවේ ඒ මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ ඉදිරි ඉළක්ක පිළිබඳව සාකච්ඡා කළේය. මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පසුගිය වගා කන්න තුන තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහන, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර් ජාතික අරමුදල වැනි ආයතන මගින් විශාල සහයෝගයක් ලබා දුන් බව සඳහන් කළේය.

විශේෂයෙන් රට තුළ පෑවති ආර්ථික අර්බුදයත් සමග ආර්ථික ස්ථාවරභාවය සඳහා කෘෂිකර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා ගොවි ජනතාවට පොහොර, ඉන්ධන මෙන්ම මුල්‍යාධාර ද ලබා දුන්නේය.

මෙම ආධාර නිසා ගොවි ජනතාවට විශාල පහසුවක් වූ බවත් ඒ සම්බන්දව කටයුතු කළ එක්සත් ජාතින්ගේ සංවිධානයට මෙන්ම ඊට අනුබද්ධ ආයතනවලට රජය වෙනුවෙන් කෘතවේදිත්වය පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරයා තම සංවිධානයේ මෙන්ම ඊට අනුබද්ධ ආයතනවල සහයෝගය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

විශේෂයෙන් කෘෂිකාර්මික පාරිසරික සංවර්ධනය, ජල කළමනාකරණය, දේශගුණ විපර්යාසවලින් මෙරට කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම , කෘෂිකාර්මික තාක්ෂණය හදුන්වා දීම වැනි අංශ කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT