ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය අතර බල අරගලයකට හසුව නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි
ජනපති මෙම අදහස් පළ කළේ ඉන්දීය ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ෆස්ට් පෝස්ට් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල සපුරා ඇති හෙයින් දෙවන වාරිකය ලැබීමට අපේක්ෂාවෙන් සිටින බව ද ජනපති මෙහිදී පැවැසීය
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසීය
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා මෙරට ක්‍රිකට් පාලනය කරන බව ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා චෝදනා කළේය.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව පැවසූ ජනාධිපති වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා සමඟ එම ගැටලුව ගැන කතා කළ බවයි.