Saturday, April 19, 2025
Home » වසර තුනකට පසු කාසල්රී දරුණු වෙයි

වසර තුනකට පසු කාසල්රී දරුණු වෙයි

by yasara
November 23, 2023 9:01 am 0 comment

ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය  ඊයේ (22) දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමිමට ආරම්භ වි ඇති බව එම ජලාශය භාර ඉංජිනේවරුවරයා පැවසිය.

වසර තුනකට පසු කාසල්රි ජලාශය මෙසේ වාන් දැමිමට ආරම්භ වි ඇති බවත්, එම ජලාශයේ එක් ගෙට්ටුවකින් අගල් 2 ½  බැගින් ගේට්ටු 13 කින් ජලය වාන් දමන බවයි එම ඉංජිනේරුවරයා කියා සිටියේය.

එම ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් පිහිටි විමලසුරෙන්ද්‍ර ජලාශයද ඊයේ දින මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමන බවත්, ජලාශ දෙකම වාන් දමන නිසා කැළණි ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇත.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක් ආසන්න වි ඇති බවත්, ජලාශ දෙකේම ජල මට්ටම් ඉහල ගොස් ඇති නිසා විමලසුරෙන්ද්‍ර , කැනියොන් ,  ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන්ද පැවසිය.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT