යුද හමුදා සුළු අවි සංගමය සහ ප්‍රගුණ හා සැගවුණු වෙඩිකරු පුහුණු පාසල එක්ව සංවිධානය කළ අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය – 2023 ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදා නියෝජ්‍යය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ආර්.ආර්.පී.ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
ඒ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී ය.
රයිෆල් වෙඩි තැබීමේ ක්‍ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෑම වර්ෂයකටම වරක් අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික සහ ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලිය පවත්වනු ලැබේ. මෙවර පැවැත්වූ එම තරඟාවලිය සඳහා විවෘත, සේවා රෙජිමේන්තු සහ නවක යන ඛාණ්ඩ ත්‍රිත්වය යටතේ යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් වෙඩිකරුවන් 300 අධික සංඛ්‍යාවක් සහභාගී විය.
විවෘත කාණ්ඩය යටතේ සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය ගැමුණු හේවා බලකායද, අනුශූරතාව කාලතුවක්කු රෙජිමේන්තුවද , තෙවන ස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තුවද දිනා ගන්නා ලදී.
සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟ අංශයේ නවක ඛාණ්ඩයේ ශූරතාවය ගැමුණු හේවා බලකා වෙඩිකරුවන් විසින් දිනාගත් අතර, දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් කමාන්ඩෝ රෙජිමේන්තුව සහ පාබල හමුදාව විසින් දිනාගන්නා ලදී.
එහිදී, සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟ අංශයේ සේවා රෙජිමේන්තු කාන්ඩයේ ශූරතාව යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය විසින් දිනා ගන්නා ලද අතර, යුද්ධ හමුදා සේවා බලකාය දෙවන ස්ථානයත් යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය තෙවන ස්ථානයත් දිනා ගන්නා ලදී.