Sunday, April 20, 2025
Home » අස්වැසුම සැප්තැම්බර් වාරිකය ගැන අලුත්ම දැනුම් දීම

අස්වැසුම සැප්තැම්බර් වාරිකය ගැන අලුත්ම දැනුම් දීම

by chanaka
November 22, 2023 2:41 pm 0 comment

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට (23) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියයි.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල බැංකු වෙත මුදා හැර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔක්තෝබර්, නොවැම්බර්සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නව අයදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කෙරේ. මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිග මුදල් ද මේ වන විට ගෙවා අවසන් බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT