Tuesday, April 15, 2025
Home » ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි

by chanaka
November 22, 2023 2:16 pm 0 comment

ගුරු මාරුවීම් සම්බන්ධයෙන් නව වැඩ පිළිවෙලක් හා චක්‍රලේඛනයක් සකස් කර පළාත් මට්ටමින් යොමු කළ යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ ගුරු මණ්ඩලවල වෘත්තිය සමිති සාමාජිකයින් නොවන ගුරුවරුන්ට ගුරු මාරු වීම් වලදී විශාල ආසාධාරණකම් සිදුවන බවයි.

ගුරු මාරු මණ්ඩල එකතු වී ගුරු මාරු වීම් ලැයිස්තු හදනවා නම් එය වැරැදි ක්‍රියාවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (22) රැස්විය. එහිදී පක්ෂ විපක්ෂය මන්ත්‍රීවරුන් අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුකළ වීවාදයේදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කරයි.

එහිදී ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) –

ගුරු මාරු මණ්ඩලවල ගුරුවරුන්ට විශාල අසාධාරණකමක් වෙනවා. ගුරු මාරු මණ්ඩලවල වෘත්තිය සමිති සම්බන්ධ වෙලා එහි සාමාජිකත්වය දරණ අය වෙනුවෙන් පෙනී සිටිනවා. එහි සාමාජිකත්වය නොදරන අයට එවැනි සාධාරණයක් ඉටු වන්නේ නෑ. ඒ නිසා අපි යෝජනාවක් හැටියට කළේ ගුරු මාරු මණ්ඩල වලට සම්බන්ධ වෙන්න පුළුවන්. තමන්ගේ සාමාජිකයින්ට ආසාධාරණයක් වෙනවා නම් එකතු කරන්න පුළුවන්.

හැබැයි ගුරු මාරු මණ්ඩල එකතු වෙලා ගුරු මාරු වීම් සිදුකරන්න ලැයිස්තු හදනවා නම් ඒක වැරැදියි. ඒක ගොඩක් කලාපවල සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඒ සම්බන්ධව වැඩ පිළිවෙලක් හදලා, චක්‍රලේකනයක් හදලා පළාත් මට්ටමට යොමු කළොත් හොදයි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් (ශ්‍රී.පො.පෙ) – 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේකනය අනුව තමයි ඔය මාරු මණ්ඩලය රැස්වෙන්නේ. ඒවායේ යම් වෙනසක් විය යුතුයි. ඒ අයත් එක්ක සාකච්ඡා කරමින් යනවා. අවශ්‍ය වෙනස් කම් ටික කරන්න.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT