Saturday, April 19, 2025
Home » චීන – ශ්‍රී ලංකා එකඟතාවය ‘ධනාත්මක ඉදිරි පියවරක්’ – IMF

චීන – ශ්‍රී ලංකා එකඟතාවය ‘ධනාත්මක ඉදිරි පියවරක්’ – IMF

by chanaka
November 22, 2023 2:13 pm 0 comment

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ඇති කරගෙන තිබෙන එකඟතාවය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ධනාත්මක ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සදහන් කරයි.

සියලුම නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලැබුණු පසු පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බ්රූවර් පැවසීය.

මේ අතර, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව දෙසැම්බර් මස ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) දෙවන වාරිකය නිකුත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ(21) පැවසීය.

එසේම ඔක්තෝබර් 11 වැනිදා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ, චීනයේ එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිකාරයක ප්‍රධාන මූලධර්ම සහ ඇඟවුම් කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ ඇති බවයි.

මෙම ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් බිලියන 4.2 ක හිඟ ණය ප්‍රමාණයක් ආවරණය කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.

එකඟ වූ ඇඟවුම් කොන්දේසි ශ්‍රී ලංකාවට සිය අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය අවකාශය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT