Home » චීනය දෙන‍ අඛණ්ඩ සහය ඉහළින් අගයනවා

චීනය දෙන‍ අඛණ්ඩ සහය ඉහළින් අගයනවා

- චීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය හමුවේ අගමැති කියයි

by sachintha
November 21, 2023 1:05 am 0 comment

ශ්‍රී ලංකාවට චීනය දෙන අඛණ්ඩ සහයෝගය ඉතා ඉහළින් අගය කරන බවත්, චීන-ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමේ විශාල හැකියාවක් ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අතර අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවැති හමුවේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ හමුවේදී දීර්ඝකාලීන සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ චීන තානාපති කිව් ෂෙන් හොං (Qi Zhenhong) මහතා ආගමික බැඳීම්වල කල්පවත්නා සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාව ළඟදීම ඉදිකිරීමට චීනය යෝජනා කරන බව සඳහන් කළේය. විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) මහත්මිය අරලියගහ මන්දිරයේ දී විශේෂ සමරු සටහනක් තැබූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT