467
දීඝවාපිය මහාසෑයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 4ක මුදල් පරිත්‍යාගයක් පසුගිය 17 වැනි දින චන්ද්‍රා සිල්වා මහත්මිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී භාරකර්තෘ සහ පළමුවන භාරකරු ‘දීඝවාපිය අරුණභාරය’ වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා වෙත භාර දීම සිදු විය.
ඒ මහත්මිය විසින් 2022 මාර්තු මාසයේදී ද රුපියල් මිලියන 2ක මුදල් පරිත්‍යාගයක් දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දී ඇත. මේ මහඟු පුණ්‍ය කටයුත්ත සඳහා චන්ද්‍රා මහත්මිය සමඟ ජනක සිල්වා මහතා සහ මනෝජිකා ද සිල්වා මහත්මිය ද සහභාගි වූහ.
රක්ෂණ ශ්‍රියන්ත