317
වලවේ ගඟ බලන්ගොඩ කල්තොට ප්‍රදේශයෙන් පිටාර ගැලිම හේතුවෙන් බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ වලවෙි ගග හරහා ඇති පාලම සහ මාර්ගය සමිපුර්ණයෙන්ම පැය තුනකට වැඩි කාලයක් අද (21) සවස ජලයෙන් යට විම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී තිබුණි.
මේ අතර පහත් බිමි රැසක්ද ජලයෙන් යට විය.
බලන්ගොඩ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග වලවේ ඟඟේ ජල මට්ටම කල්තොට ප්‍රදේශයෙන් ඉහළ යෑමත් සමග බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ වලවෙිි ගඟ හරහා ඇති පාලම සමිපුර්ණයෙන්ම ජලයෙන් යට විම හේතුවෙන් මෙලෙස වාහන ගමනාගමනයට බාධා ඇති වි තිබුණි.