538
2024 අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වේ.
අය වැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 77 ක් පමණි.
පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ විය.
ඒ අනුව අද(21) අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර මීට සුළු මොහොතකට පෙර අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි.
කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දින 19 ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
අනතුරුව දෙසැම්බර් 13 වැනිදා පස්වරු 06.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.