Home » ‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රු.මිලියන 04ක පරිත්‍යාගයක්

‘දීඝවාපිය භාරකාර අරමුදලට ’රු.මිලියන 04ක පරිත්‍යාගයක්

by chanaka
November 18, 2023 6:07 pm 0 comment

දීඝවාපිය මහාසෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු සදහා රුපියල් මිලියන 4 ක මුදල් පරිත්‍යාගයක් චන්ද්‍රා සිල්වා මහත්මිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදි ඊයේ(17)භාරකතෘ සහ පළමුවන භාරකරු “ දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න වෙත භාරදීම සිදුවිය.

එම මහත්මිය විසින් 2022 මාර්තු මාසයේදී ද රුපියල් මිලියන 2ක මුදල් පරිත්‍යාගයක් දීඝවාපිය ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලබා දී ඇත.

මෙම මහගු පුණ්‍ය කටයුත්ත සදහා චන්ද්‍රා මහත්මිය සමග ජනක සිල්වා මහතා සහ මනෝජිකා ද සිල්වා මහත්මිය ද සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT