අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන පසුගියවර අනුශූරියන් වූ රත්ගම දේවපතිරාජ විදුහල පසුගිය වසරේ ශූරියන් වන ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සමඟින් මෙවර තරගාවලිෙය් අවසන් මහා තරගයට එක් වෙයි. මේ තරගය අද (17) කොළඹ තර්ස්ටන් පිටියේදී පැවැත්වේ.
කණ්ඩායම් 7ක් සහභාගි වූ පළමු වටය ලීග් ක්‍රමයට පැවති අතර, දේවපතිරාජ විදුහල ජයග්‍රහණ 4ක් සමඟින් අපරාජිතව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය.
පළමු වටයේදී දේවපතිරාජය හමුවේ පමණක් පරාජයට පත්ව ලකුණු සටහනේ අනුශූරියන් වෙමින් රත්නාවලී බාලිකාව අවසන් තරගයට එක් විය.
දේවපතිරාජ පිල ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා සුමුදු නිසංසලා විසින් මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා උමායා රත්නායක රත්නාවලී බාලිකා පිල මෙහෙයවයි. ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කරන විශ්මි ගුණරත්න ද රත්නාවලී බාලිකා කණ්ඩායමේ සාමාජිකාවකි.
දේවපතිරාජ විදුහල් සංචිතය: සුමුදු නිසංසලා (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, රශ්මි නේත්‍රාංජලී, නෙතගි ඉසුරංජලී, ශෂිනි හිම්හානි, මහිංසා නෙත්මිණි, ෂෙහාරා ඉඳුවරී, හිරුණිකා නිවර්තනා, ලක්ෂි අභිමානි, විබුද්ධි හිරණ්‍යා, සෙනුරි වාසනා, ශලිනි ෂෙහාරා, චමීෂා නෙත්මි. දිනුමි දිනෙත්‍යා, චමල්ෂා දෙව්මිණි, අචිනි දිනූෂා ද සිල්වා (කණ්ඩායම භාර ආචාරිනී), මහේෂ් සඳරුවන් (ප්‍රධාන පුහුණුකරු), රශ්මි තාරුකා (සහකාර පුහුණුකාරිණි).
රත්නාවලී බාලිකා සංචිතය: උමායා රත්නායක (නායිකාව), විශ්මි ගුණරත්න, විහඟි පෙරේරා, තරුෂි මෙන්ඩිස්, අස්මිතා ගුණසේකර, අංජලී ගම්හේවගේ, සමාරා කුලතුංග, මනුදි පෙරේරා, දෙව්මිණි පබසර, හෂිනි විජේසිංහ, නිකේෂා විජේසේකර, අමන්දි දිව්‍යාංජලී, කවිෂ්කි චන්ද්‍රෙස්කරම්, කාවින්දි සුදර්ශනී, අනූෂා ගුණසේකර (කණ්ඩායම් භාර ආචාරිනී), ගයාන් මුණසිංහ (ප්‍රධාන පුහුණුකරු), සෙනේෂ් නදීශාන් (සහාය පුහුණුකරු)