Home » රන් මිණි සටන අද-හෙට 

රන් මිණි සටන අද-හෙට 

by mahesh
November 17, 2023 1:00 am 0 comment

කේ. ඒ. සුනිල් - කුරුවිට

රත්නපුර සීවලී මධ්‍ය විදුහල හා ගන්කන්ද මධ්‍ය විදුහල අතර 12 වැනි රන් මිණි සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (17) සහ හෙට (18) රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර තරගයේදී කණ්ඩායම් මෙහෙයවීමේ වගකීම පසිඳු චාමිකරට සහ විශ්ව නවෝදනට හිමිව තිබේ. රත්නපුර හිදැල්ලන සීවලී මධ්‍ය විදුහලේ විදුහල්පති කපිතාන් නීල් ධම්මක වතුකාරවත්ත හා පැල්මඬුල්ල ගන්කන්ද මධ්‍ය විදුහලේ විදුහල්පති සුධීර පොන්සේකා මහත්වරුන්ගේ උපදෙස් මත මෙවර තරගය සංවිධාන කෙරේ. මෙවර තරගයේ සංවිධාන කටයුතු සීවලී මධ්‍ය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් සිදු කරන අතර, ප්‍රධාන ආරාධිතයන් ලෙස සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු අධ්‍යාපන අමත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT