Home » අවන්හල අයිති විශ්‍රාමික IPගේ ඔළුවට පොල්ලකින් ගහලා
සාදය රාත්‍රී 12ට නතර කරන්න කීවැයි

අවන්හල අයිති විශ්‍රාමික IPගේ ඔළුවට පොල්ලකින් ගහලා

by mahesh
November 17, 2023 1:00 am 0 comment

අම්බලන්ගොඩ සමූහ - ආර්. ඥ‍ානදාස

විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් අම්බලන්ගොඩ තල්ගස්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක් තුළ (15) පැවති සාදයකදී සාදයට එක්වූ තරුණයින් කීප දෙනෙකු විසින් රෙස්ටුරන්ට් හයක් අයිති විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාගේ හිසට පොල්ලකින් පහර දීම නිසා හිසට බරපතළ තුවාල සිදුවී ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

වාතුවල සිදුවූ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගාල්ලේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. මෙම සාදයට තරුණයින් තිස් දෙනෙකු පමණ සහභාගී වී ඇති බවත්, ඔවුන් මත්පැන් පානය කිරීමෙන් පසු රාත්‍රී දොළහ වන තෙක් ගී සින්දු කියමින් විනෝද වී ඇති බවත් පවසන පොලිසිය රාත්‍රී දොළහෙන් පසුව සාදය නතර කරන ලෙස රෙස්ටුරන්ට් එකේ අයිතිකරු වන විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා සාදයට එක්ව සිටි තරුණයින්ට දන්වා ඇති බවත් එහිදී දෙපිරිස අතර බහින් බස් වීමක් සිදුවීමෙන් පසුව තරුණයින් කීප දෙනෙකු විසින් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයාට පහර දී ඇති බවත් එක් අයෙකු පොලිස් පරීක්ෂකවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අම්බලන්ගොඩ පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට තරුණයින් කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බව ද පොලිසිය පැවසුවේය.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිය මහතාගේ උපදෙස් අනුව අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂක නිෂාන්ත, පොලිස් සැරයන් සිරිලාල් (16915) යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT