Home » නිදන් වස්තු සෙවීමට කැණීම් කළ තුනකට එක් ලක්ෂ අසූ දහසක දඩ

නිදන් වස්තු සෙවීමට කැණීම් කළ තුනකට එක් ලක්ෂ අසූ දහසක දඩ

by mahesh
November 17, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

නිධන් වස්තු සෙවීම සඳහා නීති විරෝධීව කැණීම් කළ බවට හා නීති විරෝධීව වෙඩි බෙහෙත් ළඟ තබා ගෙන සිටි බවට වරද පිළිගත් විත්තිකරුවන් තිදෙනෙකුට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (16) එක් අයෙකුට රුපියල් හැට දහස බැගින් තිදෙනාට රුපියල් එක් ලක්ෂ අසූ දහසක දඩ නියම කළේය.

රුවන්වැල්ල ආර් පී. සුජිත් රණසිංහ, වාරියපොළ ඒ. ඇම්. සම්පත් රවීන්ද්‍ර හා රුවන්වැල්ල වහුම්පුරගේ නීල් යන තිදෙනෙකුට එසේ දඩ නියම කෙරිණි.

මීරිගම වල්පොලමුල්ල හල්පෙ ප්‍රදේශයේ දී පසුගිය ඔක්තෝබර් මස 21 වනදා හොර රහසේ නිධන් වස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධීව වෙඩි දමා කැණීම් කරමින් සිටියදී මීරිගම පොලිසිය විසින් විත්තිකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබිණ. රිමාන්ඩ් භාරයේ රඳවා සිටි විත්තිකරුවන් තිදෙනා නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ මීරිගම පොලිසිය විසින් නීති විරෝධීව කැණීම් කළ බවට හා නීති විරෝධීව වෙඩි බෙහෙත් ළඟ තබා ගෙන සිටි බවට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය.

එම චෝදනාවලට අදාළව විත්තිකරුවන් තිදෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව එසේ දඩ නියම කෙරිණි.

මීරිගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ජී. ඇස්. පී. සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT