කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පලා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 11/16 දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 37 හැවිරිදි මඩකලපුව ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයෙකි.
මොහු 11/16 දින උදෑසන 08.15ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 653 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු සිය නිශ්කාෂන කටයුතු සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනේඩියානු වීසා බලපත්‍රය පිළිබඳව සැක සිතූ ගුවන් සේවා නිලධාරීන්, ඔහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවන්වලදී මෙම වීසා බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට තහවුරු වී තිබේ.
ඉන්පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු රුපියල් ලක්ෂ 30ක් තැරැව්කරුවෙකුට ලබා දී මෙම වීසා බලපත්‍රය සකස් කරවා ගත් බවත්, ඔහු කැනඩාවට ගිය පසු තවත් රුපියල් ලක්ෂ 30ක් ගෙවීමට එකඟවී ඇති බවත් අනාවරණය කළේය.
එයින් පසු මෙසේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.