වැල්ලම්පිටිය වේරගොඩැල්ල විද්‍යාලයේ අනාරක්ෂිත බැම්මක් කඩා වැටීම නිසා පෙරේදා (15) මරණයට පත් එම විද්‍යාලයේ පළමු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අධිකරණ වෛද්‍යවරයාට ඊයේ (16) නියෝග කළේය.
වැල්ලම්පිටිය, වේරගොඩැල්ල, අංක 104/45 දරන නිවෙසේ පදිංචිව සිටි සෙහන්සා නෙත්සරණී නමැති දැරියගේ මරණය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශාන්ත හේරත් මහතා මෙම නියෝගය සිදු කළේය. ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළදී මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (16) සිදු කර තිබේ. එහිදී මෙම මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් නිගමනය කර ඇත්තේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බව යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.