Home » තවත් ඖෂධ සීයකට මිල පාලනය එයි

තවත් ඖෂධ සීයකට මිල පාලනය එයි

කලින් 100ත් එක්ක දැන් ඖෂධ 200යි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

අත්‍යවශ්‍ය ඖෂධ 862න් 675ක් ගෙන්වන්නේ සංස්ථාව

තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවසීය. දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බවත් අලුතින් තවත් ඖෂධ 100ක මිල පාලනයක් හඳුන්වා දුන් විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එක් ඖෂධයක් වෙළෙඳ නාම 10කින්, 15කින් පමණ තිබෙන බවත් සාධාරණ මිලක් නියාමනය කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිල දී ගැනීමට හැකි බවත් ඇමැතිවරයා පැවසුවේය. ඖෂධ, ආර්ථිකය සම්බන්ධ විශේෂඥවරුන් 11කින් සමන්විත කමිටුවකින් මෙම මිල පාලනය තීරණය කරන බව ද ඇමැතිවරයා කීය.

අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862ක් රට තුළ සංසරණය වන බවත් ඉන් 675ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT