Home » ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් පසු ඉන් ගොඩ ඒමට සකස් වූ අය වැයක්

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයෙන් පසු ඉන් ගොඩ ඒමට සකස් වූ අය වැයක්

by mahesh
November 17, 2023 1:00 am 0 comment

ජනාධිපතිවරයා අය වැය ඉදිරිපත් කර අවසන් වූ විට ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව රතිඤ්ඤා පත්තු කළ අවස්ථාවක් මෑත ඉතිහාසයේ දක්නට නොලැබුණ ද, මෙවර අය වැයේ දී එය දැක ගැනීමට හැකි වීම සුවිශේෂී අවස්ථාවක් බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසුවාය.

රටේ ආර්ථික අර්බුදය ඇතුළු බොහෝ ප්‍රශ්නවලට සාධනීය විසඳුම් ලබාදෙන දිශානතියක් තිබෙන අය වැයක් බව ද ඇමැතිවරිය පැවසුවාය.

අය වැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව පැවසීය.

ඇමැතිවරිය මෙසේද පැවසුවාය.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයකින් පසුව එයින් ගොඩ ඒමට සකස් වූ අය වැයක් ලෙස මෙවර අය වැය ඉතාම වැදගත්. මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම මඟින් ජාතික ආර්ථිකය ගොඩගැනීමේ අභියෝගයක් පවතිනවා. 2024 වසරේදී මැතිවරණ පැවැත්වීම ගැන අවධානය යොමු නොකිරීම මේ අය වැයෙන් සිදු කළ යුතු බව මගේ විශ්වාසයයි. විපක්ෂයේ රටට ආදරය කරන බුද්ධිමත් බොහෝ දෙනකු මේ අය වැය ගැන විග්‍රහයක් මාධ්‍ය මඟින් ඉදිරිපත් කළා. එය යහපත් ක්‍රියාවක්. අය වැය ඡන්දය විමසන අවස්ථාවේත් එය එසේ වේවි කියලා මම හිතනවා. යල් පැන ගිය දේශපාලන ප්‍රතිපත්ති අපි වෙනස් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT