Home » බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උලෙළ – 2023

බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන උලෙළ – 2023

by mahesh
November 17, 2023 12:58 am 0 comment

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද “බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන 2023” උළෙල සයවන වරටත් අති උත්කර්ෂවත් ලෙසින්, සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 7 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කර්මාන්ත හා සෞඛ්‍ය කටයුතු අමාත්‍ය ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රසන්න රණවීර මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අමාත්‍ය /නියෝජ්‍ය තානාපති අතිගරු කට්සුකි කොටාරො මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ගරු සභාපති /අධ්‍යක්ෂ ජනරාල් ලසන්ත කාරියප්පෙරම මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ධනුක ලියනගේ මහතා, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති දීපාල් නෙල්සන් මහතා සමඟ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සහ කර්මාන්ත කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සම්භාවනීය ආරාධිතයන් ලෙස සහභාගී විය.

”බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන 2023” නිර්මාණය කර ඇත්තේ කර්මාන්ත/නිෂ්පාදනය, කෘෂිකර්මය/පශු සම්පත්/ධීවර, සහ සත්කාරක/සංචාරක සහ වෙනත් සේවාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන ව්‍යවසායකයින් හඳුනාගෙන ඔවුන් ඇගැයීම සඳහා ය. මෙම සම්මාන වැඩසටහන තේමාත්මක ක්ෂේත්‍ර 8ක් දක්වා ව්‍යාප්ත වූ අතර, මෙම ක්ෂේත්‍රවල හොඳම භාවිතයන් ඇගැයීමට ලක්කිරීමට පහත සඳහන් සම්මාන පිරිනැමිණි.

හොඳම පරිසර හිතකාමී ව්‍යවසාය, හොඳම අපනයනකරු, හොඳම ඵලදායී ව්‍යවසාය, හොඳම නවෝත්පාදන ව්‍යවසාය, හොඳම අගය එකතු කළ ව්‍යවසාය, හොඳම බලශක්ති කාර්යක්ෂමතා ව්‍යවසාය, හොඳම ව්‍යවසායකයා, කාන්තාවන් සඳහා වැඩිම රැකියා ප්‍රමාණයක් සපයන හොඳම ව්‍යවසායකයා, වසරේ හොඳම කාන්තා ව්‍යවසායකයා, විශේෂ හැකියාවන් ඇති හොඳම ව්‍යවසායකයා, වසරේ හොඳම තරුණ ව්‍යවසායකයා සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ අඛණ්ඩව සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ආ හොඳම ව්‍යවසායකයා යනාදී ලෙස විශේෂ සම්මාන 11ක් ද පිරිනමන ලදී.

”බස්නාහිර පළාත් ව්‍යවසායකත්ව සම්මාන 2023” පහත පරිදි පිරිනමන ලදී: 2 වන අනුශූරතාව (ලෝකඩ සම්මාන) ජයග්‍රාහකයා: Exterminators PLC 1 වන අනුශූරතාව (රිදී සම්මානය) ජයග්‍රාහකයා: Venora International Projects Private Limited” ජයග්‍රහනය කරන ලදී. සමස්ත ජයග්‍රාහකයා (රන් සම්මානය) – 2023 වසරේ හොඳම ව්‍යවසායකයා Royal Cashews Group of Companies. ජයග්‍රහණය කරන ලදී. D Oshadhi Chamara Senanayake” Oshadhi Senanayake Photography, විශේෂ හැකියාවන්ගෙන් යුත් හොඳම ව්‍යවසායකයා : (Best entrepreneur with special abilities ලෙස පිළිගැනේ. සේනානි ෆුඩ්ස් ප්‍රොඩක්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ජෙනිකා සේනානි වරුසවිතාන හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙස සම්මාන ලැබීය.

බෙලෝස් ලංකා පුද්ගලික සමාගම: ප්ලැටිනම් අනුග්‍රහය, පෑන් ඒෂියා බැංකුව :රන් අනුග්‍රහය, වක්කුඹුර ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි කම්පැණි පුද්ගලික සමාගම: ලෝකඩ අනුග්‍රහය, ක්‍රිස්ටෙල් ලක්ෂරි වෙල්නස් ආයතනය: ලෝකඩ අනුග්‍රහය යන ආයතන අනුග්‍රාහකයන් ලෙස සහය දෙන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT