ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක් ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තරසහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවල නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකු සේවාවන්හි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් වටමේස සාකච්ඡාවකදී සිදුකරන ලදී.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමඟ ‘IFC – DFAT Women in Work’ වැඩසටහන යටතේ මෙම බැංකුකරණ සේවාවන් දියත් කර වසර දෙකකට පසුව මෙම සමාලෝචනය සිදුකරන ලදී. මෙම සාකච්ඡාවෙන් පසුව ඇනා ජර්ඩි මහත්මිය තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, කාන්තා ව්‍යවසායකයින්ගේ උනන්දුව සහ අධිෂ්ඨානයට තම උපහාරය දැක්වූවාය. කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා බැංකු සේවාවන් මඟින් ‘අනගි කාන්තා ඉතුරුම් ගිණුම’ සහ ‘අනගි ව්‍යාපාරික ණය’ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරෙන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධනය හෝ ආයෝජන අරමුණු සඳහා ණය ලබාදීම සිදුකෙරෙයි. තවද බැංකුව විසින් ‘අනගි’ සන්නාමය සහිත නියර් – ෆීල්ඩ් සන්නිවේදන (NFC) සක්‍රිව මාස්ටර්කාඩ් රන් සහ ප්ලැටිනම් ස්ථරවල ක්‍රෙඩිට් කාඩ්පත් විශේෂ ප්‍රතිලාභ රැසක් සහිතව කාන්තාවන් සඳහා දියත් කර ඇත.
ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම් ඇනා ජර්ඩි මහත්මිය, IFC, JICA, USAID සහ ADB යන ජාත්‍යන්තර ආයතනවල නිලධාරීන්ද සමඟ යාපනයේදී ගනුදෙනුකරුවන් හමුවූ අවස්ථාව.