303
ඉදිකිරීම් ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන ප්රදානෝත්සවයේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා පරිමාණයෙන් අරඹා වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් බවට පත් වී තිබෙන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.