ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ හොරණ BOI කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා පසුගියදා බ්‍රිතාන්‍යයේ නිල නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙනු ලැබීය.
මෙම සංචාරයට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා හා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් එක්විය. මෙම ක්ෂේත්‍ර සංචාරය තුළදී, යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම විසින් මෙහෙයවනු ලබන සමාජ හා පාරිසරික පාලන වැඩසටහන්, ප්‍රධාන තිරසර ව්‍යාපෘතීන්, ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් හා වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමටත්, ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය සන්නාම කිහිපයක දේශීය නිෂ්පාදනයන් සිදුවන ආකාරය සියැසින්ම දැක බලාගැනීමේ හැකියාවත් මෙම නියෝජිතයන් පිරිසට හිමිවිය. 1940 වසරේ පළමු නිෂ්පාදන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ ගමන්මඟ ඇරඹුණු අතර, පසුව 2012 වසරේදී රුපියල් මිලියන 05ක ආයෝජනයකින් හොරණ ප්‍රදේශය වෙත ගෙන යන ලදී. තවද, 2017 වසරේදී කර්මාන්තශාලාව අති නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් බිලියන 7.5ක් ආයෝජනය කරන ලද අතර වර්තමානය වනවිට ශ්‍රී ලාංකීකයන්ගේ ජනාදරයට පත් සන්ලයිට්, ලක්ස්, ලයිෆ්බෝයි , සිග්නල් සහ පෙයාර්ස් බේබි ඇතුළු නිෂ්පාදන රාශියක් හොරණ යුනිලීවර් ශ්‍රී ලංකා කර්මාන්තශාලාව තුළ නිෂ්පාදනය වේ.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වෙළෙඳ නියෝජිත වන ඇබසෝක්හි ඩේවිඩ් සාමිවරයා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී. ‘ශ්‍රී ලංකාවේ ශක්තීන් හා නවෝත්පාදනයන් පිළිඹිබු කරන හොරණ කර්මාන්තශාලාව දැකගැනීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා. යුනිලීවර් ශ්‍රී ලංකා සන්නාමයන් දේශීය ජනතාවගේ ප්‍රියතම සන්නාම බවට පත්වී ඇති ආකාරය සහ ජාතික ආර්ථිකය නංවාලීමේ අරමුණින් කාර්මික අංශයේ දායකත්වය ඉහළ නැංවීම සඳහා වසර 85කට වැඩි කාලයක් යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමෙහි ප්‍රධාන භූමිකාවත් ඉතා ප්‍රශංසනීයයි. බ්‍රිතාන්‍ය සමාගම්වලට
ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කිරීමට සලසා දෙමින් ශ්‍රී ලංකාව තුළ තිරසාරවත් ආර්ථිකයක් ගොඩනැඟීමේ මාවතට සහය දැක්වීමට මම උන්නදු වෙනවා’ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතිගරු ඇන්ඩෲ පැට්‍රික් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දක්වන ලදී.