Monday, April 21, 2025
Home » ඇමති සුසිල්ට UNESCO ඉහළ පුටුවක්

ඇමති සුසිල්ට UNESCO ඉහළ පුටුවක්

by chanaka
November 16, 2023 8:42 pm 0 comment

ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO)මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහති ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්ව ඇත.

ඡන්ද විමසීම ඊයේ(15) පැවැත්වුණි.

ඒ අනුව, 2024 සිට 2027 වසර දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර 2008 වර්ෂයේ දී ද මේ සඳහා ඉදිරිපත් වූ අතර, මෙවර දෙවැනි වතාවටත් යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයට එතුමන් ඡන්දයෙන් තේරී පත් වීම විශේෂත්වයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT