Home » දැදුරුඔය පිටාර ගලා වගා යට වී රස්නායකපුර ගොවීහු අසරණයි

දැදුරුඔය පිටාර ගලා වගා යට වී රස්නායකපුර ගොවීහු අසරණයි

by sachintha
November 15, 2023 1:00 am 0 comment

දැදුරුඔය පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් යට වූ රස්නායකපුර කුඹුරු බිම් හානියට ලක්ව ගොවීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව එම ප්‍රදේශවල ගොවි ජනතාව පවසති.

පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් සහ දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය පිටාර ගලා පැළ ගොයම සහ . වී වැපුරූ කුඹුරු බිම් රැසක් ජලයෙන් යටව තිබේ. ආර්ථික අර්බුද හමුවේ දැඩි අපහසුතා මැද මෙවර මාස් කන්නයේ කුඹුරු වගා කළ බවත්, මෙලෙස කුඹුරු ගංවතුරට යට වීමෙන් වගා බිම් විවිධ වැනසීම්වලට ලක්ව යළි ඒවා යථා තත්ත්වයට පත් කිරීමට සිදු වීමෙන් ගොවීන් මහත් අපහසුතාවයට පත්ව ඇති බව ද ගොවීහු කියා සිටිති.

මේ වන විට ප්‍රදේශයට බලපා ඇති අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් ගෙවතුවල වගා කර ඇති අනෙකුත් භව භෝග ද විනාශයට ලක්වෙමින් පවතින බවත්, ඒ අනුව අමතර ආදායම් මාර්ග ද අහිමිව දෛනික කුලී වැඩවලට ද බාධා එල්ල වී ඇති බවත්, පවතින තත්ත්වයෙන් ගොවිතැනින් ජීවත් වන පිරිස් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

නිකවැරටිය – ගයන්දි පමෝදා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT