බාලක තරගය ජයගත් කවිඳු මධුශාන් (මැද), ඒ.ඒ. කල්හාර සහ මලිඳු ප්‍රභාංජන ආරාධිතයන් සමඟ
බාලිකා තරගය දිනූ කේ.වයි. චාමින්දි (මැද) සමඟ තරුෂි උදාරා සහ සමින්දි කාවින්ද්‍යා
සමස්ත ලංකා පාසල් අර්ධ මැරතන් තරගාවලියට සමඟාමීව පැවති කිලෝමීටර් 5ක දුරකින් සමන්විත පැවති ප්‍රදර්ශනාත්මක මැරතන් තරගයේ බාලක ජය කබුරාවල ජාතික පාසලේ කවිඳු මධුශාන් දිනාගත් අතර, මාකඳුර මධ්‍ය විදුහලේ කේ.වයි. චාමින්දි බාලිකා තරගය ජය ගත්තාය.
කවිඳු බාලක තරගය නිමා කිරීමට මිනිත්තු 14:58.9ක කාලයක් ගත කළ අතර, දෙවැනි ස්ථානය මිනිත්තු 15:40.4ක කාලයක් වාර්තා කළ ඒ.ඒ කල්හාර සහ තෙවැනි ස්ථානය මලිඳු ප්‍රභාංජනට (මි. 15:41.6) හිමි වූහ. කල්හාර සහ මලිඳු මතුගම වලගෙදර මධ්‍ය විදුහල නියෝජනය කළහ.
බාලිකා තරගය මිනිත්තු 18:51කින් නිමා කිරීමට චාමින්දි සමත් වෙද්දී, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ තරුෂි උදාරා (මි. 18:57) සහ ජා ඇළ නිමල මරියා බාලිකාවේ සමින්දි කාවින්ද්‍යා (මි. 19:06) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්හ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග, නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්, උප සභාපති බන්දුල එගොඩගේ, අධ්‍යක්ෂවරුන් වන රුවන් වැලිකල, ජගත් වෙදගේ, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා, දකුණු පළාත් නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ක්‍රිෂාන් දුමින්ද, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහත්වරුන් එක්ව සිටියහ.