Home » ලෝක කුසලානයේ පසුබෑමට ලක් වූ පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපයි

ලෝක කුසලානයේ පසුබෑමට ලක් වූ පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව නෙරපයි

-බාබර්ගේ නායකත්වයත් අනතුරේ

by sachintha
November 15, 2023 1:00 am 0 comment

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා යෑමට අසමත් වූ පාකිස්තානයේ තේරීම් කමිටුව නෙරපා හැරීමට එරට ක්‍රිකට් සභාපති සකා අෂ්රෆ් පියවර ගෙන තිබේ. එරට තේරීම් කමිටුවේ ප්‍රධානි ඉන්සමාම් උල් හක් සහ වේගපන්දු පුහුණුකරු මෝර්නි මෝකල් දැනටමත් ඉල්ලා අස්වී ඇති අතර, නව තේරීම් කමිටු ප්‍රධානියා ලෙස ශහීඩ් අෆ්රිඩි පත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. පිතිකරණ පුහුණුකරු ලෙස මේ වනවිටත් හිටපු නායක යූනුස් ඛාන් පත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිත බැවින් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ද කඩිනමින් පත් කරනු ඇතැයි ද වාර්තා වේ.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය තරග 4ක් ජයගත් අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එය ප්‍රමාණවත් නොවීය. ඉතිරි තරග 5ම පරාජයට පත්වීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය එරට දැඩි විවේචනයට ලක් විය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT